සිපෙට්කෝ,ඉන්දියන් ඔයිල් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය 368 යි – සයිනොපෙක් 365 දක්වා පහළ දමයි

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක් වනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක්.

රුපියල් 27කින් ඔටෝ ඩීසල් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333ක්.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 9කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 377ක් වනවා.

සිපෙට්කෝ ඉන්ධන මිලද ඊයේ රාත්‍රී සංශෝධනය වූ අතර සයිනොපෙක් මිල සංශෝධනය කළේ ඉන් අනතුරුවයි.

සිපෙට්කෝ ඉන්ධන මිල පහතින් දැක්වෙනවා.

663112beae47epdf page 0 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *