එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි – වජිර රියදුරු කුටියේ

2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම ජනතාවට හැකි පරිදි පහසුකම් ලබාදෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාළිගාවත්ත මැයි රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණෙන බව ද වජිර අබේවර්ධන කියා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ මෙවර මැයි රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රටේ කම්කරු ජනතාවත් වැඩ කරන ජනතාවත් සියලු ජන කොටස් විසින් කෘතවේදීත්වය දක්වන මැයි රැලියක් බවට පරිවර්තනය වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *