පොලිස් විරුවෝ දියවැලකට හසු වී ගිය මව සහ පුංචි දියණියගේ දිවි බේරා ගනියි

දිය වැලකට හසුවී මුහුදේ ගසාගෙන යමින් සිටි මවක් සහ ඇගේ කුඩා දියණියව බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබේ.

ඊයේ (01) උදෑසන පානදුර වෙරළ තීරයේ දී මෙම අනතුර සිදුව තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 69951 පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් 101557 ධනුක යන නිලධාරීන් විසින් මෙම වීර ක්‍රියාව සිදුකර ඇත.

අනතුරුව කාන්තාවට හා දරුවාට මුලික ප්‍රථමාධාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

එලෙස අනතුරට පත්ව ඇත්තේ, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටින, වයස අවුරුදු 6ක් වූ දැරියක් සහ ඇගේ 38 හැවිරිදි මවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *