දැනටත් ලංකාව ඩොලර් බිලියන 2.5 බැගින් විදෙස් ණය ගෙවන බව අනාවරණය වෙයි

විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අත්හිටුවා ඇත්තේ ද්වි පාර්ශ්වික විදේශ ණය ගෙවීම පමණක් බව හෙතෙම සඳහන් කරයි. ණය ගෙවීම අත්හිටුවීමට පෙර වාර්ෂිකව ඩොලර් බිලියන 5ක පමණ මුදල් ගෙවමින් සිටි බව ද ඇමැතිවරයා පැවසීය.

ණය ගෙවීම අත්හිටුවා තිබුණ ද 2022 වසරේ දී ඩොලර් බිලියන 2.5ක මුදලක් ද 2023 වසරේ දී ඩොලර් බිලියන 2.6ක මුදලක් ද විදේශ ණය ලෙස ගෙවා දමා ඇති බව ද ඇමැතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *