අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රු.175කින් පහළ දමයි


අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3,940ක්.

එමෙන්ම කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 70කින්. එහි නව මිල රුපියල් 1,582ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 740ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 32කින්.

ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් සැළකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැළසීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය සිදු කෙරෙන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ.

One thought on “අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රු.175කින් පහළ දමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *