මුහුදු රළ මිටර් 3ක් දක්වා ඉහළට යයි

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ සහ තරංග කාලය තත්පර (12-16) පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. (මෙය ගොඩබිමට එන රළ නොවේ)

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එමනිසා කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල්ප දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *