ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූණු ගොඩක් අඩුවට – ලූණු කිලෝව 350ට බහියි

ඉන්දියාව මෙරටට ලොකු ලූනු අඩු මිලකට ලබාදීමට එකඟතාවය පළකර ඇත.

ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම ඉවත් කිරීමත් සමග පිටකොටුව තොග වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඊයේ (05 වැනිදා) දිනයේදී අඩුවී ඇත.

ඉන්දියාව මෙරටට මීට පෙර ලොකු ලූනු සපයන ලද මිලට වඩා අඩු මිලකට මෙවර අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව, ඉදිරි දිනවලදී වෙළෙඳපොළේ ලොකු ලූනු මිල විශාල ලෙස පහත වැටෙනු ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

කෙසේ නමුත්, ලංකා සතොස ලොකු ලූනු කිලෝවක් ඊයේ (05 වැනිදා) දිනයේ අලෙවි කරනු ලැබුවේ රුපියල් 620 කටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *