වැඩි කල වීසා ගාස්තුව පරණ ගානටම යළි අඩු කරයි

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටද එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තාවෙයි.

එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *