ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඉන්දියාවේ අමූල් සමාගම දිනා ගනියි

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත මෙවර  2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දි ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ   ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉන්දීය අමුල් සමාගම එක් වී ඇත. 

ඉන්දියාවේ විශාලතම කිරි නිෂ්පාදකයා වන අමුල් සමාගම සමගින් වන මෙම නව ගිවිසුම ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (07දා) නිවේදනය කළේය.

අමුල් සමාගම මීට පෙර පසුගිය වසරේ (2023) ඉන්දියාවෙ පැවති එක්දින  ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ  අනුග්‍රාහකයෙකු ලෙස ක්‍රියා කළේය. විස්සයි විස්ස ලෝක කුසල්ය එළඹෙන ජූනි 01දා සිට 29දා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *