ජුනි මාසයේ ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් පහළට – විදේශ ඇමති අලි සබ්‍රි


විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසයේ අවසන් කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

ඒ අනුව ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් පමණ අඩුකරගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර අරමුදලේ දෙවන වාරිකය ලැබීමත් සමග රටේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යා හැකි බවත් චීනය හා ඉන්දියාව යන රටවල් සමග සමීප සබඳතා පැවැත්වීම මගින් මෙරට ආ‍ර්ථික සංවර්ධනයට සහය ලැබී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *