ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 08 ඉක්මවා යයි

2024 මැයි මාසයේ පළමු දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 22,047 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 806,698 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැයි මාසයේ පළමු දින 05 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 20% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 4,351 කි.

මීට අමතරව මාලදිවයිනෙන් 2,489 ක්, එක්සත් රාජධානියෙන් 1,508 ක් සහ රුසියාවෙන් 1,460 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

මෙලෙස ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන රටවල් අතුරින් දෙවැනි තැනට මාලදිවයින පත් වීම විශේෂත්වයකි.

image 5 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *