ඡන්දේ ළග නිසා දේශපාලකයින්ට සංවර්ධන ව්‍යාපෘති තහනම් කරයි


ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයට දන්වා තිබෙනවා.

එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, අවසන් කළ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලඥයින් සම්බන්ධ කර නොගන්නා ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙතද මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *