කජු ඇතුලු nuts ඝණයට ගැනෙන ආහාර අනුභවය පුරුෂයන්ගේ සරු බව ඉහළ දැමීමට ඉවහල් වන බව ඔස්ටේ්රලියාවේදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
දිනකට අවම වශයෙන් ආහාර වේල් 02 කට හෝ එවැනි ආහාර එකතු කරගන්නා පුරුෂයන්ගේ ශුක්‍රාණු ධාරිතාවය ඉහළ මට්ටමක පවතින බවටයි හෙළිකරගෙන ඇත්තේ.
වයස අවුරුදු 13 ත් 35 ත් අතර නීරෝගී පුරුෂයන් 223 දෙනෙකු යොදාගනිමින් මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යයනය සිදුකල බව සඳහන්.
ඔවුන් කණ්ඩාම් දෙකකට වර්ග කර එක් පිරිසකට වොල්නට් වර්ගය පමණක් දිනකට ග්‍රෑම් 75 ක් බැගින් සති 12 ක් පුරාවට ලබාදී තිබුණා.
දෙවන පිරිසට දිනකට වොල්නට් ග්‍රෑම් 30 ක් / ආමන්ඩ් ග්‍රෑම් 14 ක් සහ හේසල්නට් ග්‍රෑම් 15 ක් බැගින් සති 14 ක කාලයකට ලබා දී ඇති බව සඳහන්.
මෙම කණ්ඩායම් 02 ම සමාන ප්‍රථිඵල දක්වා තිබුණා.
කෙසේවෙතත් මෙලෙස ආහාරයට ගත යුතු වන්නේ සීනි හෝ ලුණු රස නොමැති සාමාන්‍ය nuts වර්ග බවයි මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ.