අධික රස්නය හේතුවෙන් තවත් මරණයක් සිදු වෙයි – මරණ ගණන 06 දක්වා ඉහළට


යාපනය – පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිවඥානම් ජයකුමාර් (45) නැමති මොහු දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට නිවසට පැමිණ සිටියදී මිදුලේ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඇගේ දියණිය ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සිහිසුන්ව සිටි නිසා වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කොට ස්වල්ප වේලාවකදී ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය අයගේ මෘත ශරීරය යාපනය ශීක්ෂණ රෝහලට යවා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අධික රශ්මිය නිසා ඔහු විජලනයෙන් මියගොස් ඇති බවයි.

මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස තෙලිප්පලෙයි පොලිසිය විසින් පවුලේ ඥාතීන් වෙත බාර දී තිබෙනවා.

මේ වන විට යාපනයේ පුද්ගලයින් හය දෙනෙකු අධික රශ්මිය හේතුවෙන් මියගොස් ඇති බවද සඳහන්.

යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ මේ වන විට ඉන්දියවේ අධික රශ්මිය නිසා මියගොස් ඇත්තේ පුද්ගලයින් 6 දෙනෙකු පමණක් වූවත් ජනගහනය අනුව සලකා බලන විට යාපනයෙන් මියගිය සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *