රජයේ පාසල් 81 ක් වසා දමයි

2019 වසරේ සිට 2023 වසර දක්වා කාලයේදී රජයේ පාසල් 81ක් වසා දැමීමට සිදුවූ බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

එම සියලු පාසල් පළාත් සභාවට අයිති ඒවා බවත් පැවසූ ඔහු වසා දැමූ පාසල්වල ගොඩනැගිලි ඉඩම් වෙනත් ඵලදායි කටයුතුවලට යොදා ගැනීමට තීරණය කර ඇති බවද කියා සිටියේය.

ඇතැම් පාසල් පාසල් ගොඩනැගි හා ඉඩම් වෙනත් අධ්‍යාපන අවශ්‍යතා සඳහා භාවිතා කරමින් ඇති බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *