අඩු ආදායම්ලාභි ජනතාවට බෙදන්න කුණු හාල් පිරිසිදු කරයි – පොලිසියෙන් අල්ලයි

අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දීමේ අරමුණින් කල් ඉකුත්ව  තිබූ සහල් තොගයක් නැවත පිරිසිදු කර ඇසුරුම් කිරීම සඳහා සකස් කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි .

විශේෂත්වය වන්නේ ගබඩාවල  කල් ඉක්තු වූ මෙම සහල් තොගය   ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජනපද නියෝජිත ආයතනය  මගින් ආධාර පදනම මත නොමිලයේ ලංකාවට  ප්‍රදානය කරන ලද සහල් තොගයක් වීමය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කුණු  සහල් ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 172000කට අධික බවත්  ඒවා ලොරි   රථ  අටක් මගින්  කොළඹ සිට කහට ගස් දිගිලිය කිරිඉබන්වැව ප්‍රදේශයේ සහල් මෝලක්  වෙත රැගෙන ගොස් ඒ තුළ නැවත සකසමින් තිබූ  බවද පාරිභෝගික සේවා අධිකාරිය  කියා සිටි .

මෙම සහල් තොගය පසුගිය මස 30 වැනිදායින් කල් ඉකුත්වන බවට එම ඇසුරුම් වල සඳහන්ව  ඇතැයි පවසන එම අධිකාරියේ උසස් නිලධාරියෙකු  පැවසුවේ එම සහල් නැවත පිරිසිදු කර ඉදිරියට දින 30 ක් සඳහා වලංගු වන ලෙස කල් ඉකුත් වීමේ දිනය අලුත් කර  තිබූ බවය. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *