ආණ්ඩුවේ දිනක ආදායම කෝටි 842යි – වියදම කෝටි 1467ක් දක්වා ඉහළට

ආණ්ඩුවේ දිනක ආදායම රුපියල් කෝටි 842ක් වන අතර දිනක වියදම කෝටි 1467ක් වන බැවින් දවස ගෙවන්නට මදි වන මුදල රුපියල් කෝටි 625ක් බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ රට ආණ්ඩු කරන්න හදන සියලු දෙනා විවාද කළ යුතුව ඇත්තේ ඒ ආණ්ඩුව දවසක් ගෙනයන්නේ කෙසේදැයි යන්න පිළිබඳ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

2018 වසරේ සිට කොන්ත්‍රාත් ක්‍රමයට සේවය කළ සේවකයන් 1600ක් ලංගම ඉතිහාසයේ ප්‍රථම වරට ස්ථිර සේවයට පත් කිරීම මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පෙරේදා (11) සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

මේ තත්ත්වය පිළිබඳ සියලු දේශපාලන පක්ෂ මෙන්ම පක්ෂ නායකවරු ඡන්දය ඉල්ලන්නට බලාපොරොත්තු වන අය මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන අය ද මේ ගැන සිය දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *