ජපානයයෙන් ශ්‍රි ලංකාවට තවත් රැකියා – ජුනි 05 වනදා සිට අයදුම් කළ හැකියි


ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරිමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් ලබන ජූලි මාසයේදී මෙරටට හදුන්වා දෙන බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව මෑතකදී අලූතින් එක් කරන ලද ඉදිකිරීම්, ගුවන් තොටුපළ බිම් හැසිරවීම සහ නවාතැන් කර්මාන්තය යන ක්ෂේත්‍ර සමඟින්, ගොඩනැගිලි පිරිසිදු කිරීම් ඇතුලූ ක්ෂේත්‍ර හතක කුසලතා පරීක්ෂණ සඳහා ජුනි මස පස්වනදා සිට 12 වනදා දක්වා අයදුම් කළ හැකි බවයි එම කාර්යාලය සඳහන් කළේ.

ජපානය විසින් දැනට මෙරට ශ්‍රමිකයින් 37,000කට රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *