යාලෙන් හමු වූ චිකිබිල්ලා ගැන ප්‍රංශ පුවත් සේවය හෙළි කරයි


ශ්‍රී ලංකාවේ ‘චිකිබිල්ලා’ නමැති සත්ත්වයෙක් හමුවී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවට AFP පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ, මෙරට ජාතික වනෝද්‍යානයක නිලධාරියකු උපුටා දක්වමින්, ‘චිකිබිල්ලා’ වැනි සත්ත්වයෙකු පිළිබඳව කිසිඳු තොරතුරක් මෙරටින් වාර්තා වී නොමැති බවයි.

“වඳ වී ගොස් ඇතැයි සිතූ ”චිකිබිල්ලා’ වසර 103 කට පසු යාල ජාතික වනෝද්‍යානයෙන් සොයා ගෙන ඇත” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකල සටහනක් ඔස්සේ සිදුකළ කරුණු විමසීමකදීයි, AFP මේ බව සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, වඳවී වී ගොස් ඇතැයි ප්‍රකාශ කර ඇති ඩයිනොසෝරයකු වැනි සත්වයා යාල වනෝද්‍යානයෙන් නැවත මතු වූ බවට සමාජ මාධ්‍යවල පළකර ඇති වාර්තා අසත්‍ය බවයි AFP පෙන්වා දෙන්නේ.

රජරට විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කණිෂ්ක උකුවෙල AFP වෙත පවසා ඇත්තේ, ‘චිකිබිල්ලා’ නමින් සතෙක් ලංකාවේ නොමැති බවත්, එවැනි සතෙකු ලෝකයේ ද සිටී දැයි සැක සහිත බවයි.

image 12 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *