ලංකාවේ දැඩිගම ආයතනය එංගලන්තයේ හෝටලයක් මිල දී ගනියි

Lavendish Leisure සමාගම විසින් එක්සත් රාජධානියේ ඓතිහාසික වැදගත්කමකින් යුත් බුටික් හෝටලයක් මිල දී ගෙන තිබේ. Lavendish Leisure යනු මෙරට මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයන, දේපළ වෙළඳාම් සහ වැවිලි ක්ෂේත්‍රවල නිරත සමාගම් සමූහයක් වන දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් අනුබද්ධිත සමාගමකි.

එක්සත් රාජධානියේ Derby හි පිහිටි Cathedral Quarter Hotel නම් මෙම බුටික් හෝටලය නිදන කාමර 38 කින් සමන්විත වේ.

එක්සත් රාජධානියේ Derby හි වානිජ දිස්ත්‍රික්කය වන St Mary’s Gate හි පිහිටා ඇති මෙම බුටික් හෝටලය මීට පෙර පොලිස් ස්ථානයක් සහ කවුන්සිල මූලස්ථානයක් ලෙසින් භාවිතයට ගෙන ඇත.

2008 වසරේ දී  The Finesse Collection විසින් එය බුටික් හෝටලයක් බවට පරිවර්තනය කර තිබෙන අතර එහි ඇති Victorian mosaic floors, stained glass windows හා grand central staircase යනාදී අංගෝපාංගයන් සුරැකිව ආරක්ෂා කර ගැනීමට එහිදී කටයුතු කර තිබේ.

මෙය Lavendish Leisure විසින් අත්පත් කර ගනු ලැබූ එක්සත් රාජධානියේ දෙවැනි හෝටලය වන අතර ඊට ශ්‍රී ලංකාවේ හෝටල් හයක් ද අයත් වේ.

Boutique Hotelier වෙබ් අඩවිය විසින් මේ බව අනාවරණය කර ඇත.

543907821 Iri News
543907836 Iri News
543908106 Iri News
543907848 Iri News
543212234 Iri News
543212218 Iri News
543644910 Iri News
543828208 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *