ශ්‍රි ලංකාව තුළ අවි ආයුධ නිෂ්පාදනය කරන්න යයි

ශ්‍රී ලංකාව තුළ සුළු අවි (Small arms) නිෂ්පාදන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

“ඉන්දියානු ආයුධ නිෂ්පාදන කර්මාන්තය පසුගිය දශක දෙකක කාලය තුළ දී විශාල වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා. අපි ඒ මොඩලය අධ්‍යයනය කරමින් සිටිනවා. අපිට බොහෝ දේ ඒ ඔවුන්ගෙන් ඉගෙන ගත හැකියි. එහි කිසිදු වැරැද්දක් නැහැ. අපි මේ වන විට සුළු අවි (Small arms) නිෂ්පාදන  කර්මාන්තශාලා ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා“, යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *