කුසල් මෙන්ඩිස්ට වීසා තාමත් නෑ – අසිතට වීසා ලැබෙයි


විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා වීසා අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අද (15) දිනයේ වීසා හිමි වූ බවට තොරතුරු වාර්තා වෙනවා.

වීසා අයදුම් කිරීමේදී අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් නිසා වීසා අහිමි වූ බව සඳහන්.

අසිත ප්‍රනාන්දු සමඟ කුසල් මෙන්ඩිස්ටද වීසා හිමි වූයේ නෑ.

කුසල් මෙන්ඩිස්ට හෙට (16) දිනයේ බොහෝ විට වීසා හිමිවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *