විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද ලංකාවේ විශාලම හැරෆයිමා මත්ස්‍යා මිය යයි

මත්ස්‍යයන් අනුභව කරන ලංකාවේ ව්ශාලතම මත්ස්‍යයා ලෙස සැලකෙන මසකට විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද,  හැරෆයිමා මාළුවා අද (15දා) මියගොස් තිබේ.

පසුගිය කාලයේ මෙම අපූරු මත්ස්‍යයා සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියව තිබුණි. මෙම මාළුවා අඩි අටක් දිග වන අතර වට ප්‍රමාණය අඩි තුනකි. වයස අවුරුදු 13ක් බව මාළුවාගේ හිමිකරු පැවසීය.මෙම මාළු විශේෂයේ ආහාරය වනුයේද කුඩා මාළුන්ය. පැල්මඩුල්ල රිල්හේනේ සුරංග විජයරත්න මහතාගේ පුද්ගලික මින් මැදුරේ මෙම මාළුවා ඇති කළ අතර උගේ ආහාර සඳහා කුඩා මුහුදු මත්ස්‍යයන් දිනපතා කිලෝ ගණනින් මිලදී ගෙන ලබාදී ඇත.

හැරෆයිමා නම් මෙම මාළුවා අද අලුයම කාලයේ මියගොස් ඇත්තේ ඌට වෙනම ඉදිකරන තිබූ දැවැන්ත ටැංකියේ ජලය පිටවෙන ස්ථානයෙන් හදිසියේ ජලය පිටවීමෙන් පසුව බව නිවැසියෝ පවසති . සුරංග විජේරත්න මහතා විසින් විනෝදාංශයක් ලෙස සුරතල් මාළුන්ද විශේෂිත මාළුන්ද ඇති කරන අතර එම කටයුතු නඩත්තුව සඳහා මාසිකව විශාල මුදලක්ද වැය කරයි. ඔහුගේ මින් මැදුර නැරැඹීමට පාසල් සිසුහුද වෙනත් අයද පැමිණෙති . මියගිය දැවන්ත මාළුවා නැරඹීමට ද විශාල පිරිසක් පැමිණ ඇත.

image 13 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *