මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයට, සමට සිදුවන හානිය වළක්වා ගැනුමට අතේ පයේ ශරීරයේ පින්ඩ තෛලය ආලේප කිරීම ඉතා සුදුසු බව දෙහිවල, නැදිමාල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනි සංජීවනී සිල්වා මහත්මිය ‘දිවයින’ට පැවැසුවාය. මෙය ආයුර්වේදයෙන් නොමිලේ ලබාදෙන බව ද ඇය කීවාය.
මෙම පින්ඩ තෛලය ශරීරයේ ආලේප කිරීම තුළින් ශරීරයේ අනවශ්‍ය ලෙස දහදිය පිටවීම වැළැකී සම ආරක්ෂා කිරීම සිදුවන බව ද ඈ කියා සිටියාය. මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේ සඳහන් කළාය. “පින්ඩ තෛලය මේ දිනවල ගාන එක තමන්ගේ
ශරීරයට හොඳයි. මේ තෙල ගෑම තුළින් සමේ දහදිය අනවශ්‍ය ලෙස පිටවීම වැළැක්වෙනවා. ඒ තුළින් තමන්ගේ සම ආරක්ෂා වෙනවා. මේ පින්ඩ තෛලය සඳහා ලී ඉටි, වැල්මදට වගේ තවත් ගොඩක් දේවල් දානවා. අනිත් එක තමයි මේ අධික රස්නයත් එක්ක හිසකෙස් ගැලවී යෑම. ඒ වගේම හිසකෙස් පැළී යෑම. මේ තත්ත්වය වළක්වා ගන්න ගාන්න ඕන තෛලයක් තියෙනවා. ඒ නීල්‍යාදි තෛලය. මේක ආයුර්වේද බෙහෙත් ශාලා තුළ තියෙනවා.