ලෝක අධි රුධිර පීඩන දිනය අද (17)ට යෙදී තිබේ.
මෙවර එහි තේමාව ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කර දිගු දිවියක් ගත කරන්න යන්නයි.
අධිරුධිර පීඩනය මෙරට බෝ නොවන රෝග අතර, ජනතාව අතර බහුලව දැකිය හැකි රෝගයකි.
අධි රුධිර පීඩනය යනු, සිරුරේ රුධිරය සංසරණය වන වේගය වැඩිවීමයි.
සෞඛ්‍ය අංශ පවසන්නේ, මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පිඩනයට ගොදුරුවී ඇති බවයි.
එය රෝග රැසකට මුල් වන රෝගයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ධි සමරකෝන් පවසන්නීය.
අධි රුධිර පීඩනය වැළදීමෙන් වැළකීමට යහපත් ආහාර රටාවක් ඇතුළු නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ඇය ප්‍රකාශ කළාය.
තම රුධිර පීඩනය වරින් වර මැන නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගය හේතුවෙන් සිදුවන හදිසි මරණ වළක්වා ගත හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.