දරුවන් පස් දෙනාම රට ගිය දුකට පියා ළිදට පනියි


තමන් තනි කොට සිය දරුවන් පස් දෙනාම විදේශ ගත වීම නිසා දැඩි කලකිරීමකට පත්ව සිටි යාපනයේ එලුකෝවිල් ප්‍රදේශයේ වයස අවුරුදු 76 ක පුද්ගලයෙකු සිය ගෙවත්තේ පිහිටි ළිදට පැන ඊයේ (16) සිය දිවි හානි කරගෙන තිබෙනවා.

අයියාතුරෙයි ත්‍යාගරාජා නැමති මෙම පුද්ගලයාගේ බිරිඳ මීට වසර 08කට පමණ ඉහතදී මියයාම නිසා ඔහු එක් එක් දරුවා ළඟ ජීවත් ඇති අතර, පසුව දරුවන් පස් දෙනාම වරින් වර විදේශ ගත වීම නිසා ඔහු සිට ඇත්තේ දැඩි කම්පනයකින්.

සිය නිවසේ තනිවම ජීවත්ව සිටියදී අසල්වාසීන් සමග ඔහුගේ තනිකම හා පාළුව ගැනද සැලකීමට කිසිවෙකු නොමැති බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර ඇති බව අසල්වාසීන් පවසනවා.

සිද්ධිය වූ දිනයේදී ළිඳ දෙසින් විශාල ශබ්දයක් ඇසී අවට පිරිස් ඒ ගැන විපරම් කොට බැලීමේදී වයෝවෘද්ධ පුද්ගලයා ලිද තුළ සිටීනු දැක ඇති අතර වහාම ඔහුව ළිදෙන් ගොඩ ගෙන යාපනය ශීක්ෂණ රෝහල වෙත ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *