ත්‍රස්තවාදය තුරන් කිරීමේ මානුෂිය මෙහෙයුම පිළිබඳ වත්මන් තරුණ පිරිස හරි හැටි දැනුවත් නොමැති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් 12000 ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කර බව පැවසීය.
මේ අතර ජාතික රණවිරු දින සැමරුම හෙට (19) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියසදී එය පැවැත්වීමට නියමිතයි.
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3146 දෙනෙකු ඊලග නිලයට උසස් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් එම උසස්වීම් සිදුකර ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.