රට පුරා ග්‍රාම නිළධාරීන් දේශපාලකයින් සහභාගී වන රැස්වීම්වලට නොයන්න තීන්දු කරයි

සිය ඉල්ලීම් ලබාදීමට රජය කටයතු කරන තෙක් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීන් දේශපාලඥනයින් සහභාගි වන රැස්වීම්වලට සහභාගි නොවීමටත් සහල් ඇතුළු සහනාධාර බෙදාදීමේ රාජකාරිවලින් ඉවත් වීමටත් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පවසයි.

 අනුව ඉඩම් රාජකාරිවලින් ඉවත්වීමටත්, හැඳුනුම්පත් එක්දින සේවය සඳහා යොමු කිරීමෙන් වැළකීමටත්, රාජකාරියට වාර්තා කිරීමේදී නිල ඇඳුම ඇඳීම සම්පූර්ණයෙන්ම නතර කිරීමටත්, කාර්යාල සේවාවන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල පස්වරු 8.30 සිට පස්වරු 1.00 දක්වා පමණක් සිදු කිරීමටත් ග්‍රාම නිලධාරීන් තීරණය කර ඇතැයිද ඔහු කීවේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග මේ මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවද ජාතික සංවිධායකවරයා පැවසීය.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම, ඊට අනන්‍ය වැටුප් තලයක් ලබා ගැනීම, සේවාවට අදාළ දීමනා වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් පසුගිය දිනවලදී වරින් වර අසනීප නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *