සූර්ය ගිනි දැල්ලක් පෘථිවිය දෙසට – තව සති දෙකකින් යළිත් අවුරෝරා බලන්න අවස්ථාව


පසුගිය සතියේ දිස්වූ අවුරෝරා හෙවත් උතුරු එළි සංසිද්ධිය දැකගැනීමේ අවස්ථාව තවත් සති දෙකකින් යළි උදාවන බව විද්‍යාඥයින් පවසනවා.

ඌෂාලෝක ලෙසද හැඳින්වෙන මෙහිදී අහසේ විවිධ වර්ණාවලි මැවෙන අතර, මෙය සිදුවන්නේ සූර්ය කුණාටු හේතුවෙන්.

සූර්ය විසර්ජනයෙන් පිටවන ආරෝපිත අංශු පැයට මීටර මිලියන 45 ක තරම් අධික වේගයකින් හමාවිත් පෘථිවියේ චුම්භක ක්‍ෂේත්‍රය හා ඉහළ වායුගෝලයේ ස්පර්ෂ වී තිබුණා.

එහිදී අහස කොළ පැහැයක් ගත් අතර, ඊටම මිශ්‍රවී දම්, රතු, වයලට් හෝ සුදු පැහැයෙන් වර්ණාවලි රටා දක්නට ලැබී ඇති බව සඳහන්.මෙම අවස්ථාව උදාවී තිබුණේ යුරෝපය, උතුරු ඇමරිකාව, කැනඩාව වැනි උතුරු අර්ධගෝලයට අයත් ඇතැම් රටවල සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා තස්මේනියාව වැනි දක්ෂිණ අර්ධගෝලයේ ඇතැම් රටවල ජනතාවටයි.

සූර්ය කුණාටු තත්ව හේතුවෙන් විදුලි පරිපථවල වෝල්ටියතාව වෙනස්විය හැකි අතර, ගුවන් විදුලි සම්ප්‍රේෂණවල මෙන්ම චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලද ඇණහිටීම් සිදුවිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *