ලබන මාස 14 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරියි


ලබන මස 14 වැනි දා නියත වශයෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

රුසියාවේ හිටපු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතැම් විට 15 වැනි දා හෝ 14 වැනි දා රාත්‍රියේ විය හැකි බවයි.

ඒ අනුව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව පැවසූ ඔහු පැවසුවේ,

“පාර්ලිමේන්තු ඡන්දයක් ඉතා ඉක්මනින් පවත්වනවා, ඊට පස්සෙ හදන ආණ්ඩුව සමග ‍රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ කරන්නේ කොහොමද, එහෙම නැත්නම් පොහොට්ටුවේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට එන්න ඉඩ තියෙනවා.”

කෙසේ නමුත් කතානායකවරයා ද එසේ සිදු නොවන බව පසුගිය දිනයක ප්‍රකාශ කර තිබුණත්, තමා එය බැහැර කරන බවත් රුසියාවේ හිටපු තානාපතිවරයා පවසනවා.

මේ අතර ජනාධිපතිවරයා ජනාධිපතිවරණය සඳහා තරග නොකරන බව සඳහන් කරන ඔහු වැඩිදුර සඳහන් කරන්නේ, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අගමැති අපේක්ෂකයෙකු නම් කිරීමට තවමත් තීරණය කර නොමැති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ද හිටපු රුසියානු තානාපතිවරයා මෙහි දී පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *