රාජ්‍ය දේපළ සොරා කෑ දේශපාලනඥයන් අල්ලන්න තව අවුරුදු දෙකක්වත් යයි

රාජ්‍ය දේපළ සොරා කෑ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු හොරුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පුහුණු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාවය පළකර ඇත. ඒ අනුව එම නිලධාරීන් පුහුණු කිරීමෙන් පසුව සොරු ඇල්ලීමට තවත් වසර 02ක් වත් ගතවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

හොරු ඇල්ලීම සටන්පාඨවලින් කළ නොහැකි බවත්, ඒ සඳහා මනා පුහුණුවක් සහිත පොලිස් නිලධාරීන් සිටිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

හොරු ඇල්ලීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය කොමිෂන් පත් කර තිබූ බවත් ඒවාට හොරු අල්ලන්න බැරිවීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා කර පලක් නැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ වනවිට තමාට හොරු ඇල්ලීම සඳහා ඇමෙරිකාවෙන් පොලිස් නිලධාරීන් පුහුණු කරදීමට එකඟවී ඇති බවත් ඒ සඳහාද වසර 2ක පමණ කාලයක් ගතවනු ඇති බවත් ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *