හෘද, අක්මා, වකුගඩු හා අධි රුධිර පීඩනය වැනි රෝගවලට භාවිත කරන ඖෂධයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 98ක්ම ළමා රෝහල් ඇතුළු රජයේ රෝහල්වල රෝගීන්ට ලබා දී ඇති බව විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම රෝගීන් දෙදෙනෙකු මියයෑම හේතුවෙන් එක්තරා නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කිරීමට නිර්දේශ කරන අවස්ථාව වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 50ක් රෝගීන්ට ලබාදී තිබූ බව ද අදාළ වාර්තාවේ සඳහන්.