ධාවන ශුර යුපුන් අබේකෝන්ගේ ඔලිම්පික් සිහිනය බොඳ වෙයි

ඉතාලියේ පැවැති පිරිමි මීටර් 100 කෙටි දුර ධාවන තරඟයකින් සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවක ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ඒ, ඔහු එම තරඟය තප්පර 10.21කින් නිමා කරමින්.

ඔහු එම තරඟය තප්පර 10කට වැඩි කාලයකින් නිමා කිරීම හේතුවෙන් පැරිස් ඔලිම්පික් වරම් දිනාගැනීමේ අවස්ථාවද අහිමි වුණා.

එම තරඟයේ ප්‍රථම ස්ථානය ටෝකියෝ ඔලිම්පික් පදක්කම් ලාභී ජැකොබ් මාර්ෂල් විසින් හිමිකරගත්තා. 

මේ අතර ජපානයේ පැවැත්වෙන සිකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකා පිරිමි ධාවක කාලිංග කුමාර හෙට දිනයේ තරඟ වැදීමට නියමිතයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *