තත්පර 10ට අඩු කාලයකින් පදවියේ තරුණයෙක් කටින් පොල්ලෙලි ගහයි

තත්පර 10ට අඩු කාලයක දී කටේ දත් වලින් පොල්ලෙලි ගසන තරුණයෙකු අපට පදවිය බාලයාවැව ප්‍රදේශයෙන් හමුවිය. අඩියක් පමණ දිග අඟල් 21 කින් පමණ විෂ්කම්භයකින් යුතු වියළි කළාපයේ පොල් ගස් වල හැදෙන පොල් ගෙඩියක් තත්ත්පර 10ට අඩු කාලයකින් කටින් ලෙලි ගැසීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුත් කළ හැකි වික්‍රමයක් සිදු කරන තරුණයෙකි රාජපක්ෂ කරුණාපේලි ගෙදර අමිල රුවන් කුමාර රාජපක්ෂ.

පදවිය බාලයාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මේ වන විට 34 වියැති තරුණයෙකු වන වේ.දෙදරු පියෙකුද වන අමිල මේ වන විට සේවය කරනු ලබන්නේ මුලතිව් විශ්ව මඩු ජාතික ආරක්ෂක බලමුළුවේ යුධ හමුදා රණවිරුවෙකු ලෙසය.

“මේක මම මුලින්ම   පුහුණු වුණේ අනුරාධපුර යුධ හමුදා රෙජිමේන්තු මූළස්ථානයේ සිටිය කාලයේ ඉතින් ඒ් කාලයේ දී මං පුහූණු වුණ ඒක දිගටම පුරුදු වුණා.දැන් මට පොඩි කාලයක් තුළ කටින් පොල්ලලි ගහන්න් පුළුවන්.

මං දන්න විදිහට මං සොයලා බැලුවා මං වගේ අඩු කාලයකින් කවුරුවත්ම පොල් ලෙලි ගහලා නෑ කටින් බොහොම පොඩි කාලයක් තුළ.ඒ් කියන්නේ තත්පර 11ට 10ට අඩුවෙන්” යැයි ඔහු පැවසීය.

image 8050115364 Iri News
image 3e3ed6144c Iri News
image e0df7d9ed2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *