ඉන්දීය ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරය ගන්න මහේල ජයවර්ධන සහ ගෞතම් ගම්භීර් එයි

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් මෑතකාලීනව ගොඩක් ප්‍රවෘත්ති පළ වුණා. මේ වන විට පළවෙලා තිබෙන අලුත්ම ප්‍රවෘත්තිය තමයි ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනුවෙන් හිටපු ශ්‍රී ලාංකිකයෙකුත් ඉදිරිපත් වී තිබීම.

ඔහු වෙන කවුරුත් නෙවේ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන. මහේල මේ වෙද්දි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ.

හැබැයි මහේල වගේම මේ තනතුරට හිටපු ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීරුත් අයදුම් කරලා තිබෙනවා. 2007 විස්සයි විස්ස ලෝක කුසලානය සහ 2011 එක්දින ලෝක කුසලානය දිනපු ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් වුණ ගාම්භීර් පුහුණුකරු ධූරයට ඉල්ලුම් කළ අය අතරේ උඩින්ම තියෙන නමක්.

ස්ටෙෆන් ෆෙලෙමින්, ජස්ටින් ලැග්නර් වැනි දක්ෂ පුහුණුකරුවන් සමගත් ඉන්දීය ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරලා තිබුණත් ඔවුන් පූර්ණ කාලීන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරු ධූරයක් වෙනුවෙන් කැමැත්තක් පළ කරලා නැති බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේමයි රාහුල් ඩ්‍රාවිඩ් නැවත වතාවක් පුහුණුකරු ධූරයට අයදුම් නොකරන්න වැඩි ඉඩක් තියෙනවා.

ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ධූරය සදහා අයදුම් කිරීමට ඇති කාල සීමාව මැයි 27වනදායින් අවසන් වෙනවා. මේ වෙද්දි අයදුම් කරලා තිබෙන අය අතරින් ඉදිරියෙන්ම ඉන්න දෙදෙනා හැටියට වාර්තා වෙන්නේ මහේල සහ ගාම්භීර්. මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරයන් කරා වගේම ගාම්භීර් ලක්නව් කණ්ඩායමට සහ කොල්කටා කණ්ඩායමට විශිෂ්ට මග පෙන්වීමක් කළා. ඉතින් මේ තනතුරට ඔවුන් දෙදෙනා අතර තියුණු තරගයක් ඇති වෙන්න ඉඩක් තිබෙනවා. ඔබ හිතන්නේ මහේල ද ගාම්භීර් ද හෙඩ් කෝච් වෙන්න සුදුසු ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *