ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගුවන් අනතුරින් මිය යයි – හෙලිකොප්ටරය මුළුමනින්ම දැවී යයි

හෙලිකොප්ටර් යානා අනතුරකින්, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි නිල නොවන වාර්තා සහ විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

CNN ලෝක සේවය වාර්තා කරන්නේ, අනතුරින් කිසිවෙකු දිවි ගලවා ගත් බවට සාක්ෂි නොමැති බවයි. ජනාධිපතිවරා මියයාම සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා. දැඩි මීදුම් සහිත අයහපත් කාලගුණය ඊට හේතුවයි. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යානා තුනකින් ගමන් ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *