හැමෝටම ගන්න පුළුවන් වෙන්න හයිලන්ඩ් මිල්කෝ සමාගම නිෂ්පාදනය 100% කින් ඉහළ දමයි

පරිපාලන දුර්වලතා හේතුවෙන් පසුගිය සමයේ ලීටර 65,000 ක්ව තිබූ මිල්කෝ සමාගමෙහි දෛනික දියර කිරි නිෂ්පාදනය මේ වනවිට ලීටර 140,000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගිය කාලය තුළ සම්පූර්ණයෙන් නැවතී තිබූ සමාගමෙහි කිරිපිටි නිෂ්පාදනය මේ වනවිට සක්‍රිය කර ඇති බවත් ඒ අනුව හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් 80ක්  මේ වනවිට ගබඩා සතුව පවතින බවත්ය. 

මේ අතර මිල්කෝ සමාගමෙහි නිෂ්පාදන ධාරිතාවය ඉහළ යාම පිළිබඳ වාර්තාවක් සභාපතිවරයා විසින්  විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇති අතර සමාගමෙහි දෛනික දියර කිරි ඉළක්කය ලීටර් 120,000ක් බව සඳහන්ය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *