කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් රාජකාරියේ සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකු තිරප්පනේ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.
මේ උප පොලිස් පරීක්ෂකවරයාට කසිප්පු පෙරා බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටින බවට පොලිස් අධිකාරීවරයාට ලද පැමිණිල්ලකට අනුව තිරප්පනේ පොලීසියේ නිලධාරීන් ඊයේ සවස පොලිස් නිලධාරියා පදිංචිව සිටින මිහින්තලය නොච්චිකුලම පිහිටි නිවස පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී එම නිවසේ තිබී කසිප්පු පෙරීමට ගන්නා උපකරණ මෙන්ම කසිප්පු මිලි ලීටර් 1420ක් අඩංගු බැරලයක් හමුවී ඇත.
මෙම නිලධාරියා කසිප්පු පෙරා ඇත්තේ ගෑස් ලිපක් යොදාගෙන බවද පෙනී ගොස් ඇත.
තිරප්පනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.