දැන් අපිට හරියට අනාවැකි කියන්න පුළුවන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

පසුගිය කාලයට වඩා මේ වනවිටත් වඩාත් නිවැරදි අනාවැකියක් නිකුත් කිරීමට හැකි වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණයෙන් සහ ජාත්‍යන්තර කාලගුණ අංශ සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම තුළින් එලෙස වඩාත් නිවැරදි අනාවැකියක් නිකුත් කිරීමට හැකි වී ඇතිබව පැවසීය.

ඉදිරියේ කාලගුණ අනාවැකිය තවදුරටත් සාර්ථකව නිකුත් කිරීමට හැකි වනු ඇතිබව පැවසීය. ඒ ඉදිරියේ සිදුකිරීමට නියමිත නවීකරණ කටයුතු හේතුවෙනි

ශ්‍රී ලංකාව වැනි සමකාසන්න රටවල කාලගුණ තත්වය නිරන්තරයෙන් වෙනස් වන බැවින් නිවැරදිව අනාවැකි නිකුත් කිරීම ඉතා අසීරු බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *