රජයේ සමාගමක් විකුණයි – ලංකා බැංකුව තමන් සතු BOC Travels සමාගම 100% ක් විකුණා දමයි

මෙරට විශාලතම රාජ්‍ය වානිජ බැංකුව වන ලංකා බැංකුව සිය අනුබද්ධිත සමාගමක් වන BOC Travels (පුද්) සමාගම විකිණීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා බැංකුවේ මහා කළමනාකාර රසල් ෆොන්සේකා මහතා පවසන්නේ BOC Travels (පුද්) සමාගමේ ලංකා බැංකුව සතු 100% ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි.

ලංකා බැංකුවේ අනුබද්ධිත සමාගමක් වන BOC Travels (පුද්) සමාගම, බැංකු පනත මගින් අර්ථ දක්වා ඇති මූලික බැංකු කටයුතුවලින් ස්වාධීනව ක්‍රියාත්මක වන්නකි.

Divestment of B.O.C.Travels Private Limited. 20.05 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *