කොළඹ ගස් 200ක් කපා දමන්න යයි

කොළඹ මහ නගර සභා සීමාවේ අවදානම් සහගත ගස් 600ක් පමණ හඳුනාගෙන ඇති බව නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන පවසනවා.

ඇය කියා සිටියේ පේරාදේණිය උද්භිඳ උද්‍යානයේ ශාක විශේෂඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සීමාවේ ගස් දහසක් පමණ නිරීක්ෂණය කර එම අවදානම් සහිත ගස් හඳුනාගත් බවයි.

ඒ අතරින් ගස් 200ක් පමණ කපා ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *