මන්නාරමෙන් මුහුද ගොඩ ගලයි

මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට ඊයේ (22) දින බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණටුවක හේතුවෙන් මුහුදු රළ ගොඩ ගැලීමත් සමග ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත.

මුහුදු රල ධීවර වාඩි හා නිවාස වෙතට ගොඩගැලීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 150 කට ආසන්න ආරක්ෂිත ස්ථන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති අතර ධීවර යත්‍රාද  වෙරලෙන් ගොඩට ගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබුණි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මුහුදුබඩ ජනතාවද යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබූ අතර පොලිසිය හා වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ජනතාවගේ බිය තුරන් කොට ඇත.

එමෙන්ම අද දින මන්නාරම් නානාට්ටාන් ඇතුලු ශිලාවතුර මුහුදු සීමාවන්හි මුහුදු දැඩි සෙයින් රලු වීම හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයන්ද මුහුදු යාමෙන් වැලකී සිටියහ.

image f5a17e628a Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *