මෙරට අපනයන ආදායම 20%කින් පහළ වැටෙයි

පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඇගළුම් අපනයන මගින් උපයන ආදායමේ අඛණ්ඩ පහත වැටීමක් දක්නට ඇති අතර, ගෙවුණු ඔක්තෝබර් මාසයේ දී එය 20%කින් පහත වැටී තිබේ.

ඔක්තෝබරයේ ඇගළුම් අපනයයෙන් රජය උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 330.95 කි.

ශ්‍රී ලංකාවේ ඇගලුම් සදහා තිබෙන ප්‍රධානතම වෙළද පොළක් වන ඇමරිකා එක්සත් ජනපදයට කරන ලද ඇගළුම් අපනයන පසුගිය ඔක්තෝබරයේ දී (2022 වසරේ ඔක්තෝබරයට සාපේක්ෂව) 16.81% කින්, ඇමරිකානු ඩොලර් මිලියන 128.22 දක්වා පහත වැටී තිබේ.

යුරෝපා සංගමය වෙත කරන ලද අපනයන 24.79% කින් වැටී ඇති අතර, යුරෝපා සංගමයට කරන ලද ඇගලුම් අපනයන හරහා ඔක්තෝබරයේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 110 කි.

එක්සත් රාජධානිය වෙත සිදුකර තිබෙන ඇගලුම් අපනයන, පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී මෙම ඔක්තෝබරයේ දී 14.56% කින් පහත වැටී තිබේ. එකී වෙළද පොළට ඇගළුම් අපනයනය කිරීම හරහා ඔක්තෝබරයේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 43.66 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *