පිළිමතාවේ දැවැන්ත එළවළු දන්සලත් දෙයි – දන්සැල් දෙන විශිෂ්ටතම ජාතිය ශ්‍රි ලංකාවයි

වෙසක් පුන් පොහොය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද එළවළු දන්සලක් මහනුවර පිළිමතලාව නගර මධ්‍යයේ දී (23 දා) පැවැත්විණි. මහනුවර පිළිමතලාවේ හරිත උදාන එළවළු වෙළෙඳ ආයතනයේ හිමිකරු විසින් රුපියල් ලක්ෂ 10 කට වඩා අධික මුදලක් වැය කරමින් මෙම එළවළු දන්සල පවත්වා ඇත.

මෙම එළවළු දන්සලෙන් එළවළු ලබා ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටි අතර මෙහි විශේෂත්වය වූයේ සියලුම වර්ගයේ එළවළු පැවතීම හා ඉතා පිරිසිදු තත්ත්වයෙන් ජනතාව වෙත එළවළු ලබාදීමට කටයුතු යොදා තිබීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *