වතු සේවකයන් සදහා සදහා රුපියල් 1700 ක දෛනික වැටුපක් ගෙවන ලෙසට රජය කර තිබෙන නියෝගයට අවනත වීමට නොහැකි නම්, වතු සමාගම්වලට පවරා දී තිබෙන රජයට අයත් වතු සහ දේපළ, නැවත රජයට පවරා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි පළමු වැනිදා ප්‍රකාශ කළේ ය.
ඊට පහුවදාම වතු සමාගම් ප්‍රකාශ කලේ එවැනි වැටුප් ඉහළ දැමීමක් කිසිසේත්ම කළ නොහැකි බවයි.
ලෝක වෙළද පොලේ තේ මිල පහත වැටීම වැනි හේතු, රජය නියම කර තිබෙන ප්‍රමාණයෙන් වතු කම්කරු දෛනික වැටුප ඉහළ දැමීමට බලපා තිබෙන බව වතු සමාගම් ප්‍රකාශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ, ලෝක වෙළදපොලේ තේ මිල ඉහළ පහළ යාමට වතු කම්කරුවන්ගේ සම්බන්ධයක් නැති බවයි.
එබැවින්, රජය නියම කර තිබෙන වැටුප් වැඩි වීම වතු සේවකයන්ට ලබා දිය යුතු බව ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය වී තිබේ.