ගතවූ පස් වසරක කාලයේදී මෙරට තේ අපනයනය මෙට්‍ර්ක් ටොන් හතළිස් හතර දහසකට අධික ප්‍රමාණයක් පහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
මේ අනුව මෙරට තේ නිෂ්පාදනය ඇත්තේ බරපතළ අර්බුදයක බව ඔහු පවසා සිටියි.
මෙරට සමස්ථ කෘෂිකාර්මික අපනයන ආදායමෙන් සියයට 51 ක්ම හිමිවන්නේ තේ කර්මාන්තයෙන් බැවින් එම කර්මාන්තය කඩාවැටීම මිලියන 2.5 කගේ පමණ ජන ජීවිතයට දැඩිව බලපාන බවද මහාචාර්යවරයා කියා සිටියේය.
තේ කර්මාන්තය කඩා වැටීමට බලපා ඇති හේතු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් සෙවීම මේ මොහොතේ රජය සතු වගකීම බවද ඔහු පැවසුවේය.
2019 වසරේදී තේ නිෂ්පාදනය මෙට්‍ර්ක් ටොන් ලක්ෂ තුනකට වැඩි වුවද එම ප්‍රමාණය 2021 වන විට දෙලක්ෂ අනූනවදහසකට පමණ අඩුවූ බව හෙතෙම ප්‍රකාශ කළේය. මේ ආකාරයට පසුගිය වසර පහ සිට එන්න එන්නම මෙම තේ නිෂ්පාදනය පහළ යන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.