ඩුබායි ඉතිහාසයේ දෙවන විශාලතම ගණුදෙනුව කරමින් පුත්‍රයාගේ විවාහයට අම්බානිගෙන් සුපිරි මන්දිරයක්


ව්‍යාපාරික මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී තෑගි කිරීමට ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 77.3ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙසේ ලබාදීමට නියමිත මන්දිරය ඩුබායි නුවර පවතින වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්විත අතිසුඛෝපභෝගී මන්දිරයක් බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ගණුදෙනුව මෙතෙක් ඩුබායි නුවර සිදුකර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බවයි.

එමෙන්ම, මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් මෙම මන්දිරය නවීකරණය කිරීමේ කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

මෙම විවාහය ලබන ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *