විවාහ උත්සවය නිරුවතින් කරන්න අවසර හිමි වෙයි


මංගල උත්සවය නිරුවතින් සිදු කිරීමට ඉතාලිය අවසර දී තිබෙනවා.

ඉතාලියේ සාඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටි නම් කරන ලද ප්‍රදේශයකයි මෙලෙස නිරුවත් විවාහ සඳහා අවසර ලබාදී තිබෙන්නේ.

සැතපුම් හතරක මෙම වෙරළ, වසර ගණනාවක් තිස්සේ ජනප්‍රිය නිරුවත් ස්ථානයක් බවයි සැන් වෙරෝ මිලිස් නගරයේ නගරාධිපති ලුයිගි ටෙඩෙස්චි විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

මෙමගින් නගරාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ, ලෝකයේ නිරුවතින් විවාහ වීමට බලාපොරොත්තුවන අය සඳහා ඊට අවසර ලබා දෙමින්, සංචාරක ආකර්ෂණයක් ලෙස මෙම මුහුදු තීරය යොදා ගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *