සුවසැරිය ගිලන්රථ සේවය සමග රෝ ඔත්තු සේවය එන්නයි හිටියේ – විමල් වීරවංශ කියයි

1990 සුවසැරිය ගිලන් රථ සේවය සමඟ ඉන්දීය ඔත්තු සේවා මෙරටට පැමිණීමේ සැලැස්මක් තිබුනද, තමන් ඇතුළු දේශපාලනඥයන් සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැනි පිරිස් ඒ පිළිබදව හෙළි කළ නිසා, එම සැලැස්ම හකුලා ගැනීමට ඉන්දියාවට සිදු වූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ 360 සංවාදාත්මක වැඩසටහන හා එක් වෙමින් ඔහු මේ බව පැවසී ය.

කෙසේ වෙතත්, සුවසැරිය ගිලන් රථ සේවය ඉන්දියාව නොමිලයේ ලබා දුන් සේවාවක් නොව, එය ඉන්දියාව ලබා දුන් ණයක් බවද ඔහු පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *