වාහන ආනයනය කරත් සංචිත කලමනාකරණය අපිට දැන් පුළුවන් – මහ බැංකුව රටටම දැනුම් දෙයි

වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බවය. 

“සමහර වාහනවලට දැනටමත් ඉඩදීලා තිබෙනවා. වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක්. විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *